සිය ත්‍රී රෝද රථයට කූලී ගමන් යාම සදහා ගොඩවන පුද්ගලයින් රවටා ඔවුන් සන්තකයේ ඇති රන් භාණ්ඩ හා මිල මුදල් සොරකම් කිරිමේ ජාවාරමක නිරත වූ ත්‍රිරෝද රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු ත්‍රිරෝද රථයට පැමිණෙන අය හා හිතවත්කමක් ඇතිකරගෙන අතරමඟදී ඔහුට හෝ ඇයට සිහි විකල් වන පානයක් බීමට ලබාදී සිහිනැති කිරීමෙන් මෙම අපරාධය කර තිබෙන බවයි පොලිසිය පවසා සිටින්නේ.
මෙතෙක් ලද පැමිණිලි අනුව මෙම සැකකරු එලෙස මගීන් දෙදෙනෙකු සිහි මුලාවට ලක්කර රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරාගෙන තිබෙනවා.
පෙති සහ කුඩු විශේෂයක් මගින් මෙම පානය සකස්කර ත්‍රී රෝද රථයේ තබාගෙන ඔහුට පහසු අවස්ථාවක්, සරිලන මගියෙක් ලැබන තුරු කුලී ත්‍රී රෝද රථ රැකියාවේ නිරතව ඇති බව වැඩිදුර විමර්ශන මගින් අනාවරණය වුණේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා CCTV පරීක්ෂාකරමින් ජනාකීර්ණ කොළඹ නගරය තුල දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සිදුව තිබෙනවා.
මොහු විසින් සිදුකළ සියලු අපරාධ අනාවරණයකරගැනීමට කොටුව පොලිස් ස්ථානය තවදුරටත් විමර්ශන සිදුකරන බවයි නිලධාරීන් පවසා සිටියේ.