ඕනෑම ක්ෂේත්‍රයක අනාගතය තීරණය කිරීමේ ප්‍රබලම සාධකය තාක්ෂණයේ දියුණුව බවත්, රජය එම ඉලක්ක නිවැරදිව හඳුනාගෙන ඉදිරි සැලසුම් සකස් කරමින් සිටින බවත් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ජාතික වෘත්තීය සුරක්ෂිතතා සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘත්තීය ආරක්ෂාව පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්බන්ධයෙන් සමාජ කථිකාවක් ගොඩනැගීම මෙහි අරමුණ වන අතර, මෙවර ප්‍රධාන දේශනය ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා විසින් පවත්වනු ලැබීය. තාක්ෂණය භාවිතයෙන් වෘත්තීය අනතුරු අවම කරගැනීම සහ ඉහළ කාර්යක්ෂමතාවයක් ළඟා කරගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.













