තායිලන්තයේ සිට සංචාරකයින් 2,117 දෙනෙකු රැගත් සුඛෝපභෝගී මගී නෞකාවක් අද (02) හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ තිබේ. දිනක කාලයක් වරායේ නැංගුරම් ලා තිබූ මෙම නෞකාවෙන් පැමිණි පිරිස යාල, උඩවලව, කතරගම සහ හම්බන්තොට උද්භිද උද්‍යානය නැරඹීම සඳහා සහභාගී වූහ. රුහුණු සංචාරක කාර්යාංශය සහ හම්බන්තොට මහා නගර සභාව එක්ව පෞද්ගලික අංශය හරහා මෙම පිරිසට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා තිබූ අතර, නගර සභාව විසින් විශේෂ රථගාලක් ද සූදානම් කර තිබුණි. සංචාරකයින්ගේ පැමිණීමත් සමඟ හම්බන්තොට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වූ අතර, එය පාලනය කිරීමට වරාය පොලිසිය මැදිහත් වූ බව හම්බන්තොට නගරාධිපති ඩී.ඒ. ගාමිණී මහතා ප්‍රකාශ කළේය.














