පාර්ලිමේන්තු මැතිවරණයේ සිය සේවා ස්ථානයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අද (04)යි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසුවේ, අදත් කාර්යාල වේලාව තුළදී තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 738,000 කි.