ලොරි රථ 10ක් සහ කෲ කැබ් 20ක් තැපැල් ප්‍රවාහන ජාලයට
ශ්‍රී ලංකා තැපැල් සේවයේ ප්‍රවාහන ජාලය වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ අරමුණින් රුපියල් කෝටි 59කට (රු. 590,000,000) ආසන්න වටිනාකමකින් යුත් නව වාහන තොගයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
මෙම නව වාහන එකතුවට ලොරි රථ 10ක් සහ කෲ කැබ් රථ (Crew Cabs) 20ක් ඇතුළත් වේ. පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන තැපැල් සේවාවේ නව පරිවර්තන ක්‍රියාවලිය යටතේ, ලිපි සහ තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු ප්‍රමුඛස්ථානයට ගෙන වඩාත් ශක්තිමත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. මෙම පියවර හරහා දිවයින පුරා පවතින තැපැල් ප්‍රවාහන අවශ්‍යතා කඩිනමින් සපුරාලීමට හැකි වනු ඇත.














