• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිස්සගෙන් රු.මි. 100ක් ඉල්ලා හරිනි නඩු මගට!

12 September 2024
in දේශීය, පුවත්
තිස්සගෙන් රු.මි. 100ක් ඉල්ලා හරිනි නඩු මගට!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසමින් සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවූ හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් (11දා) ගොනු කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ එම ද්වේශසහගත අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් දේශපාලනඥයකු ලෙස තමන් ගොඩනගාගෙන සිටින ප්‍රතිරූපයට මෙන්ම කීර්තිනාමයට හානි වූ බව සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එම අපහාසාත්මක ප්‍රකාශය ප්‍රචාරය කිරීමෙන් එහි බලපෑම වඩාත් තීව්ර වූ බවද සඳහන් කරන්නීය.

රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් නම් කර ඇත.

නීතිඥ ශානිකා සිල්වා මෙනවිය මගින් සිය පෙත්සම ගොනු කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය අගොස්තු 18වැනිදා පැවැති සමගි ජනබලවේගය පක්ෂයේ දේශපාලන රැස්වීමක් වගඋත්තරකාර තිස්ස අත්තනායක මහතා අමතමින් ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසා ඇතැයිද එය අසත්‍ය මෙන්ම ද්වේශසහගත ප්‍රකාශයක් යැයිද සඳහන් කරන්නීය.

තිස්ස අත්තනායක මහතා කළ එම ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශය කළේ මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර පවත්වන සමයේදී බවත් එම ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශය එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී සමාගමක් සිය ප්‍රමුඛ පුවත ලෙස මෙන්ම පසුදින එම නාලිකාවේම පත්තර විස්තර වැඩසටහන මගින් යළි ප්‍රමුඛතාවයක් දී ප්‍රචාරයක් කළ බවත් සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පසුව සමාජ මාධ්‍ය හරහාද එම ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශය ප්‍රචාරය කළ බවද සඳහන් කරන්නීය.

ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශය ප්‍රචාරය කිරීම හේතුවෙන් රටේ සමස්ත බෞද්ධ පොදු ජනතාව ඉදිරියේ තමන් අවමානයට, අපවාදයට, ලැජ්ජාවට හා පිළිකුලට ලක්වූ බවත් සඳහන් කරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, තිස්ස අත්තනායක මහතා කළ එම ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශය කිරීමෙන් හා අදාළ ප්‍රසිද්ධ රූපවාහිනී සමාගම විසින් එය ප්‍රචාරය කිරීමෙන් සිය අභිමානයට හා කීර්තියට හානි වූ බවද සඳහන් කරන්නීය.

එම ද්වේශසහගත අසත්‍ය ප්‍රකාශය කිරීමෙන් හා එය ප්‍රචාරය කිරීමෙන් තමන්ට වූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අයකර දෙන්නැයි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා සිටින්නීය.

[ADA]

Post Views: 16
Previous Post

සිරකරුවන් 350කට රාජ්‍ය සමාව!

Next Post

ඉඩම් හා පොලිස් බලතල දෙන්න බැරිබව නාමල් යාපනයේදීම කියයි!

Editor TTV News

Editor TTV News

Next Post
ඉඩම් හා පොලිස් බලතල දෙන්න බැරිබව නාමල් යාපනයේදීම කියයි!

ඉඩම් හා පොලිස් බලතල දෙන්න බැරිබව නාමල් යාපනයේදීම කියයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved