ඉන්දීය ප්‍රිමියර් ලීග 2025 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය ඊයේ (25 වැනිදා) ක්‍රියාත්මක වූ අතර එහිදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරව තියුණු සටනකින් පසු ඉන්දීය රුපියල් කෝටි 1.6ක මිලකට (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.5ක්) ‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’ කණ්ඩායම මිල දී ගැනීමට සමත් විය. ඉන්දීය රුපියල් ලක්ෂ 75ක ආරම්භක මුදලක් යටතේ තුෂාරව වෙන්දේසියට ඉදිරිපත් කෙරුණි.
තුෂාර වෙනුවෙන් ලංසු තැබීම බැංගලෝ කණ්ඩායම ආරම්භ කළ අතර හයිදරාබාද් කණ්ඩායමත් මෙම ලංසුවට එක් විණි. ඉන්දීය රුපියල් කෝටියේ සීමාව ඉක්මවනතෙක් මුරලිගේ හයිදරාබාද් කණ්ඩායම තුෂාර වෙනුවෙන් ලංසු තැබූ අතර ඉන් අනතුරුව එළැඹෙන තරගවාරයේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන රාජස්තාන් කණ්ඩායමත් තුෂාර වෙනුවෙන් ලංසු තැබීම ආරම්භ කිරීම විශේෂත්වයක් විය.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීගයේ තරග කරන පස්වන ශ්‍රී ලාංකිකයා ලෙසින් කමිඳු මෙන්ඩිස්ව ඊයේ ඉන්දීය රුපියල් ලක්ෂ 75ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.5ක) මුදලකට මුත්තයියා මුරලිදරන් පුහුණුකාරීත්වය දරණ ‘සන්රයිසර්ස් හයිදරාබාද්’ කණ්ඩායම විසින් මිලදී ගැණුනි. එමෙන්ම ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ‘දිල්ලි කැපිටල්ස්’ කණ්ඩායම විසින් මිල දී ගැනීමත් සමගින් ඊයේ දිනය සඳහා පත්‍රය මුද්‍රණයට යැවෙන විට ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා සුදුසුකම් ලබා තිබිණි.