අධිකරණයට භාර වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව අද (02) ඇප මත මුදා හැරීමට කෙළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරයෙන් නියෝග දී තිබෙනවා.
ඒ අනුව අදාල සැකකරු රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළ බවයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයෙන් ලබාගත් රුපියල් 470,000 දහසකට අධික වටිනාකමකින් යුත් පරිගණකයක් හා ජංගම දුරකථනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සැකපිට අධිකරණයට ඉදිරිපත් වුණා.