පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ගොවින් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන්, තෙත වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කල යුතු බවත් සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් ලෙස තමන්ට ඒ සඳහා රජයට සහාය දැක්විය හැකි බවත් ජාතික සහල් කර්මාන්ත කරුවන්ගේ සම්මේලනයේ ලේකම් ඩබ්ලිව්. ඒ.ආර්.කේ.වික්‍රමාරච්චි පැවසීය.
ජාතික සහල් කර්මාන්ත රුවන්ගේ සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් විසින් අද (22දා) අනුරාධපුරයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
ගොවීන්ගේ වී අස්වැන්න කුණු කොල්ලයට අලෙවි වීම වැළැක්වීම සඳහා තෙත වී මිලදී ගැනීමේ කඩිනම් වැඩ පිළිවෙලක් රජය මගින් ආරම්භ කල යුතු බවත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිලිවල අසාර්ථක වන බවත් වික්‍රමාරච්චි මහතා පැවසීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාවන් විනාශ වුවද සැලකිය යුතු අස්වැන්නක් මෙවර බලාපොරොත්තු විය හැකි බැවින් රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් සක්‍රීයව දායක කර ගනිමින් වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය කඩිනම් කල යුතු බව පෙන්වා දුන් ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කලේ බැංකු වල පවතින අසාදුගත ලේඛන මග ඇර රුපියල් මිලියන දස දහසක් ලෙස රජය මගින් වෙන් කර ඇති ඔඩපන ණය ක්‍රමය යටතේ වී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට අවස්ථාවක් ලබා දිය යුතු බවය.
“වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන අධික මිල පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වනතෙක් තක්සේරු කර නැති බවත් මෙවැනි ආකාරයට වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය වීමට ප්‍රධානතම හේතුව කෘෂිකර්මාන්තයට අදාල යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා වැය වන ඉහල තීරු බදු වන අතර වී නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට සහන ලබා දිය යුතු බවත් ඉඟිණිමිටිය ගොවිජන සේවා කාරක සමිතියේ සභාපති චමින්ද ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
මෙවැනි ආකාරයට ගොවින් සඳහා සහන ලබා දෙන්නේ නම් වී කිලෝ එකක් සඳහා ගොවීන් විසින් රජයෙන් ඉල්ලා සිටින රුපියල් 130 ක සහතික මිල අඩු කර ගත හැකි බව ද ඒ මහතා සදහන් කලේය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වේලා ගැනීම සඳහා ගොවීන්ට හැකියාවක් නොමැති බැවින් සහල් මාෆියාකරුවන්ගෙන් ගොවි ජනතාව බේරා ගැනීම සඳහා තෙත වී සඳහාද අනිවාර්ය මිලක් නියම කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව චමින්ද ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.
“වර්තමාන රජය මුහුණ පෑ සහල් අර්බුදයට වගකිව යුත්තේ පසුගිය රජයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා බවත් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සහල් හිඟයක් ඇති වූවොත් ඊට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ස්ථීර වශයෙන්ම වගකිව යුතු බවත් සුළු හා මධ්‍යම වී මෝල් හිමියන් සදහා වී මිලදී ගැනීමට මුදල් වෙන් කළද බැංකු මගින් ඉදිරිපත් කරන කොන්දේසි හේතුවෙන් රජයේ වැඩ පිළිවෙල අසාර්ථක වන බවත් ජාතික සහල් සම්මේලනයේ , ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමයේ හා පුත්තලම දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිත කේ.ඒ.බී.අබේකීර්ති මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
ප්‍රමිතියට අනුව වී නිෂ්පාදන මෙන්ම තෙත වී නිෂ්පාදනද මිලදී ගනු ලබන රජයේ මිල කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසත්
පදවි ශ්‍රී පුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති පේමතිලක මහතා පැවසීය.
මේ වන විට කැලෑ වැදුණු රජයේ වී ගබඩා පවතින බවත් මෙවර මහ කන්නයේ වී අසනු නෙළීම ආරම්භය වී ඇති අතර වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් ඒ මහතා සදහන් කලේය.