• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් මිලට වෙච්ච දේ

30 October 2025
in දේශීය, පුවත්
තෙල් මිලට වෙච්ච දේ
0
SHARES
98
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව ප්‍රධානතම පාරිභෝගිකයන් වන අමරිකාවේ සහ චීනයේ නායකයින් අතර හමුවක් පිළිබඳව ඇති සුබවාදී අපේක්ෂාවන් ඊට හේතු වී තිබෙනවා.
OPEC+ සමුළුවෙන් නිෂ්පාදන කෝටා වැඩි කිරීමේ අපේක්ෂාව ආයෝජකයින් විසින් විමසා බැලීමක්ද සිදු කරන බවයි වාර්තා වන්නේ.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 64.51ක් දක්වා සෙන්ට් 11කින් (0.2% කින්) ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.21ක් දක්වා සෙන්ට් 6 කින් (0.1% කින්) ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයේ දත්ත අනුව, බොරතෙල්, ගැසොලින් සහ ඩිස්ටිලේට් ඉන්ධන තොග, විශ්ලේෂකයන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි අඩුවීමක් පසුගිය සතියේ පෙන්නුම් කර තිබෙනවා.
බොරතෙල් තොග බැරල් මිලියන 7 කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි වර්තා වන්නේ.
එය, අපේක්ෂා කළ බැරල් 211,000 ක අඩුවීම විශාල ලෙස ඉක්මවා යාමක්.
මෙම විශාල අඩුවීම හේතුවෙන්, OPEC+ රටවල් නිෂ්පාදනය වැඩි කිරීම සහ ඇමරිකානු නිෂ්පාදනය වාර්තාගත මට්ටමක පැවතීම නිසා තෙල් වෙළෙඳපොළ විශාල අතිරික්තයක් කරා ගමන් කරනු ඇතැයි යන අපේක්ෂාවන් නැවත ඇගයීමට ලක් කිරීමට සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
යුක්රේන සාම සාකච්ඡා සඳහා බල­පෑම් සිදු කිරීමේ අර­මු­ණින් රුසි­යාවේ විශා­ල­තම තෙල් සමා­ගම් දෙක­කට සම්බා­ධක පැන­වී­මට පසු­ගිය සති­යේදී අමෙ­රි­කානු ජනාධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගෙන තිබුණා.
ඒ සමඟ 5%කින් මිට පෙර තෙල් මිල ඉහළ ගියා.
එම ඉහළ ගිය තෙල් මිල ඊයේ වන විට යළි ඉහළ ගොස් ඇත්තේ ලොව විශා­ල­තම තෙල් පාරි­භෝ­ගි­ක­යන් වන අමෙ­රි­කාව සහ චීනය අතර තීරු­බදු සහ අප­න­යන සීමා­වන් ඉව­ත් වී­මෙන් ගෝලීය ආර්ථි­ක­යට සිදු­වන බල­පෑම් අවම වීම හේතු­වෙන් බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

Post Views: 97
Previous Post

අපි රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් – ලෝක බලවතුන් සහයෝගයේ දෑත් දිගු කරයි

Next Post

31 ATLAS” අසාමාන්‍ය දෙයක් සිදුවීමට ආසන්නයි…? 

Editor TTV News

Editor TTV News

Next Post
31 ATLAS” අසාමාන්‍ය දෙයක් සිදුවීමට ආසන්නයි…? 

31 ATLAS” අසාමාන්‍ය දෙයක් සිදුවීමට ආසන්නයි...? 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න 1818 ක්ෂණික අංකයක්

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න 1818 ක්ෂණික අංකයක්

30 October 2025
31 ATLAS” අසාමාන්‍ය දෙයක් සිදුවීමට ආසන්නයි…? 

31 ATLAS” අසාමාන්‍ය දෙයක් සිදුවීමට ආසන්නයි…? 

30 October 2025
තෙල් මිලට වෙච්ච දේ

තෙල් මිලට වෙච්ච දේ

30 October 2025
අපි රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් – ලෝක බලවතුන් සහයෝගයේ දෑත් දිගු කරයි

අපි රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් – ලෝක බලවතුන් සහයෝගයේ දෑත් දිගු කරයි

30 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න 1818 ක්ෂණික අංකයක්

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න 1818 ක්ෂණික අංකයක්

30 October 2025
31 ATLAS” අසාමාන්‍ය දෙයක් සිදුවීමට ආසන්නයි…? 

31 ATLAS” අසාමාන්‍ය දෙයක් සිදුවීමට ආසන්නයි…? 

30 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved