සිවිල් සංවිධානවලින් නාමයෝජනා කැඳවයි
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය පෙබරවාරි 15
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ පුරප්පාඩු වී ඇති සාමාජික ධුරයක් සඳහා සුදුස්සන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිවිල් සමාජ සංවිධාන වෙතින් නාමයෝජනා කැඳවා තිබේ. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ ප්‍රතිපාදන අනුව මෙම කැඳවීම සිදු කර ඇත.
අදාළ නාමයෝජනා පත්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් (www.parliament.lk) ලබාගත හැකිය. සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 පෙබරවාරි 15 වැනි දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
තැපෑලෙන් එවන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ හෝ ඊමේල් පණිවිඩයේ විෂය (Subject) ලෙස ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයකට පත් කිරීම’ යනුවෙන් සඳහන් කිරීම අනිවාර්ය වේ.













