ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.
ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමගින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වුණා.
රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වූ අතර, ඔවුන් රිදී 20ක් හා ලෝකඩ 18ක්ද දිනාගෙන තිබුණා.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකිවීමද විශේෂත්වයක්.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගවැදී තිබුණා.














