• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹුල්ලට එළවළු ගඟක්!

26 September 2024
in දේශීය, පුවත්
දඹුල්ලට එළවළු ගඟක්!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද(26) අලුයම වන විට කිලෝ ලක්‍ෂ පනහකට අධික එළවළු තොග ලැබීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය සහ ප්‍රධාන ඒ නවය මාර්ග සියල්ල ම වාහනවලින් පිරී ඉතිරී ගියේය.

මේ හේතුවෙන් පාන්දර හතරේ සිට දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගය ඒ නමය ප්‍රධාන මාර්ගය ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී දැඩි තදබදයක් මෙන්ම රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණි .

එළවළු ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුවද එළවළු මිල එතරම් අඩුවක් දක්නට නොමැති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

දිනපතාම එළවළු අලෙවිකර ගැනීම සඳහා පැමිණෙද්දී ගොවීන් මෙන්ම එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ද කිසිදු සැලැස්මක් නොමැති නිසා අසීරුතාවයකට පත්ව ඇති බව ගොවීහු පෙන්වා දෙති.

වීශාල එළවළු ප්‍රමාණයක් ලැබුණද මෙම එළවළු මහජනතාවගේ පරිභෝජනයට යනවාට වඩා විශාල ප්‍රමාණයක් අපතේ යෑම සිදුවනු ලබන්නේ ආර්ථික මධ්‍යස්ථානය තුළ සහ ප්‍රධාන මාර්ගයේ කිසිදු රථවාහන සැලැස්මක් නොමැතිවීම නිසාවෙන් බව ගොවීහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවියෙකු දැඩි සිත් වේදනාවෙන් යුතුව කියා සිටියේ කරුමයකට ගොවියෙකු වූ බවය, කිසිදු ආත්ම භවයක ගොවියකුගේ බල්ලෙක් වෙලා හෝ උපදින්නට එපා යැයි තමන් ප්‍රාර්ථනා කරන බව ඔහු දැඩි සිත් වේදනාවෙන් යුතුව කියා සිටියේ ගොවි ජනතාවට අත්ව තිබෙන මෙම අභාග්‍යසම්පන්න ඉරණම පිළිබඳව අවබෝධ කර දෙමිනි.

එළවළු බීජ සහ අනිකුත් ද්‍රව්‍ය මිල ඉහළ යෑම වන සතුන්ගේ හානිය එළවළු මිල තීරණය කරගැනීමට නොහැකි අයිතිය තමන් දරුවන් වගේ නිෂ්පාදනය කර රැගෙන එන එළවළුව මහජනතාවට පරිභෝජනය කරගැනීමට නොහැකිව විනාශ වීම ආදී සිද්ධීන් වලට තවමත් කිසිදු කෙනෙකුගේ අවධානයක් යොමු වී නැති බවද ගොවි මහතා සඳහන් කළේය.

පෙර දින පෙරවරුවේ අස්වනු නෙළා ගත් ගොවීන් රාත්‍රී කාලයේ අස්වනු ඇසුරුම් කරගෙන කිලෝමීටර් දහස් ගණනාවක් දුර ගෙවා අලුයම වන විට දඹුල්ලට ළඟා වී ම කිසිදු රථ වාහන සැලැස්මක් නොමැති නිසා නැවතත් දහවල් ඉර මුදුන් වෙන තුරු එළවළු ටික මහමග වාහනය තුළ විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව කඩිනම් අවධානයක් යොමු නොකරන හොත් එළවළු නිෂ්පාදනය විශාල වශයෙන් අඩුවීමට ඉඩ ඇති බවද ගොවියාට සැලකිය යුතු මිලක් ලැබෙන නිසා ගොවීන් වැඩි වශයෙන් වගාවට යොමු වී ඇති අවස්ථාවක මෙය විනාශ කර ගැනීම සිදු නොකරන්නැයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (26) පෙරවරුව වන විට එළවළු කිලෝ ලක්ෂ පනහකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

එළවළු මිලද සාමාන්‍ය පරිදිපවතින බවත් එළවළු මිලදී ගැනීම සඳහා වැඩි වශයෙන්කණ්ඩායම් පැමිණෙමින් සිටින බව ද ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 26 දින වන විට එළවළු මිල පැවතියේ මෙසේය.

ගෝවා කිලෝ එකක් රුපියල් 120 ත් 200 ත් බෝංචි කිලෝව රුපියල් 150ක් 200 ත් කැරට් කිලෝව රුපියල් 100 ත් 120 ත් බිට් කිලෝව රුපියල් 60 ත් 70 ත් තක්කාලි කිලෝ එක රුපියල් 100 ත් 120 ත් රාබු කිලෝ එකක් රුපියල් 40 කටත් නොකෝල් කිලෝඑක රුපියල් 90ක් 100ක් කැකිරි කිලෝවක් රුපියල් 30ත් 40 ත් පිපිඤ්ඤා කිලූවක් රුපියල් 50ත් 60 ත් අතර මිලයකට අලවිවන අයුරු දැක ගැනීමට හැකි විය.

එමෙන්ම ලකු වට්ටක්කා කිලෝ එක රුපියල් 50ත් 55 ත් අතර බණ්ඩක්කා කිලෝවක් රුපියල් 50 ත් 55 ත් දඹල කිලෝවක් රුපියල් 150කටත් මෑ කරල් කිලෝ එකක් රුපියල් 100 ත් 120 ත් මිලයකට අලෙවි වීම විශේෂත්වයකි ,මාළු මිරිස් කිලෝ එක රුපියල් 200කට අලෙවි වෙද්දී අමුමිරිස් කිලෝ එකක් රුපියල් 120 ත් 150ක් අතර අලෙවීම විශේෂත්වයෙකි. දේශීය ලොකු ලූණු කිලෝ එක රුපියල් 250 ට මිලකට අලෙවි වූ අතර මෙදින පොල් ගෙඩියක මිල රුපියල් 100ත් 105ක් බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති.

Post Views: 36
Previous Post

බේකිරි නිෂ්පාදන මිල අඩු කරන්න!

Next Post

කොළඹ පොත් මංගල්‍ය හෙට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ පොත් මංගල්‍ය හෙට

කොළඹ පොත් මංගල්‍ය හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved