රටේ දරිද්‍රතා තොරතුරු සංගණනයක් වසර තුනකට වරක් පැවැත්විය යුතු වුවද, පසුගිය වසර හතක කාලය තිස්සේ එවැනි සංගණනයක් සිදු කර නොමැති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දරිද්‍රතා තොරතුරු අධ්‍යක්ෂ ආචාර්ය දිල්හානි දීපවංශ මහත්මිය පවසයි. අවසන් වරට මෙවැනි සංගණනයක් පවත්වා ඇත්තේ 2019 වසරේදී වන අතර, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ එය දිගින් දිගටම ප්‍රමාද වී තිබේ.
දරිද්‍රතා දත්ත ප්‍රමාද වීම හේතුවෙන් වර්තමානයේදී “අස්වැසුම” වැනි සහනාධාර ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි ආයතනවල දත්ත මත යැපීමට සිදුව ඇති බව ඇය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර කැලරි 2030ක ප්‍රමාණය පදනම් කරගනිමින් නිවාස 24,000ක නියැදියක් ඇසුරින් දැනටමත් දත්ත රැස් කර අවසන් බවත්, ඉදිරි මාස දෙක ඇතුළත නවතම දරිද්‍රතා වාර්තාව නිකුත් කිරීමට හැකි වනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














