ඝානා රාජ්‍යයේ අශාන්ති කලාපයේදී හෙලිකොප්ටර් යානා අනතුරක් සිදුව තිබෙනවා.
සිදු වූ අනතුරින් එරට ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඔමානේ බෝමා සහ පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය බ්‍රහිම් මුර්තලා මුහම්මද් යන මහත්වරුන් ඇතුළු 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සුන්බුන් අතරින් මළ සිරුරු අටක් ගොඩගෙන හමුදා ගුවන් යානයකින් අගනුවර වන ඇක්‍රා වෙත මාරු කර යවා ඇති බව ඝානා සන්නද්ධ හමුදා පැවසීය.
මෙම අනතුර ඝානාවේ සිදු වූ දරුණුතම ගුවන් අනතුරු වලින් එකකි බවයි එරට මාධ්‍ය සදහන් කර සිටින්නේ.
හෙලිකොප්ටරය අගනුවර වන ඇක්‍රා සිට ගුවන් ගත වී වයඹ දෙසින් ඔබුආසි හි රන් කැණීම් ප්‍රදේශය දෙසට ගමන් කරමින් තිබූ බව එරට හමුදාව පවසා තිබුණා.
අෂ්තානි කලාපයේ ප්‍රදේශයට ඇතුළු වී ටික වේලාවකට පසු යානය රේඩාර් තිරයෙන් ගිලිහී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි හමුදාව පවසා තිබෙන්නේ.