රඹුටන් ඇටයක් සිරවී පස් හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බවට වාර්තා වනවා.
මිද්දෙණිය පොලිස් වසමේ පල්ලි ජුලම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (07) මෙම සිදුවීම සිදුව තිබෙනවා.
අදාළ දරුවා රඹුටන් ඇටය සිරවීම නිසා සිහිසුන් වී ඇති අතර කඩිනමින් කටුවන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි දී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව වලස්මුල්ල මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇති බවයි වාර්තා වුනේ.