මල්අතු ඔයට පැන සියදිවි හානිකරගත් සංවේදී පුවතක් වාර්තා වුණා.
ඒ මවක් සහ දරුවන් දෙදෙනෙක්
සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මව සහ දරුවන් දෙදෙනො සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
මේ වන විට ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව මවගේ ජීවිතය බේරා ගැනිමට හැකි වි තිබෙන අතර දරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරයි.
මෙම මව මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර අවුරුදු 40 වියේ පසුවෙයි.
දෙදරු මවක් වු ඇය අවුරුදු 04ක් සහ අවුරුදු 08ක් වන දරුවන් කැටුවයි මෙම ඔයට පැන සියදිවි හානි කරගෙන තිබෙන්නේ
කාන්තාවක් කෑ ගසන හඬ මල්අතු ඔය අසබඩ සිටි පුද්ගලයෙකුට ඇසී පසුව ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව එම පුද්ගලයා විසින් කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර තිබෙනවා.
මේ වන විට දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක අංශය මෙහෙයුම සිදුකරනු ලබනවා.
කෙසේ වෙතත් මෙය පවුල් ආරවුලක් හේතුවෙන් සිදුවුවක් බවයි වාර්තා වුණේ.













