සිර භාරයේ සිට ඇප ලබා නිදහස් වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් යු ටියුබ් නාලිකාවක් ඔස්සේ සිදු කල සාකච්ඡාවක් සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කරුණු රැසක් පල වුනා.
ඒ දළදා වහන්සේ පැහැරගැනීමට සියල්ල සැලසුම් කරමින් සිදුකළ කුමන්ත්‍රණයක් පිළිබඳවයි.
නමුත් මේවන විට නව කුමන්ත්‍රණයක් පිළිබඳව උන්වහන්සේ මෙසේ කරුණු පැහැදිලි කර තිබෙනවා.
මෙම සැලසුමේදී වීදුරු කැපීමේ කටයුතු සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමට සිංගප්පූරුව වෙත යාමටද කුමන්ත්‍රණකරුවන් කටයුතු කර තිබූ බව උන් වහන්සේ මෙම නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියා.
දළදා වහන්සේ භාරයේ තබා ගන්නා පුද්ගලයා සතුව රාජ්‍ය බලය පවතින බවට වූ අදහස අනුව දළදා වහන්සේ පැහැර ගනිමින් රාජ්‍ය බලයට අභියෝග කිරීමට කුමන්ත්‍රණකරුවන් සැලසුම් කර තිබූ බවත් හිමියෝ සඳහන් කර තිබෙනවා
තමන් වහන්සේ ද එම කුමන්ත්‍රණයෙහි පාර්ශවකරුවෙකු බවත් පවසන ඥාණසාර හිමි පැහැර ගත් දළදා වහන්සේ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යාමේ කටයුත්ත තමා වෙත පැවරී තිබු බව කියා සිටියා.
සැලසුමෙහි මහ මොළකරුවා ලෙස අතුරලියේ රතන නම් භික්‍ෂුවක් කටයුතු කළ බව ද උන්වහන්සේ මෙහිදී හෙළි කර තිබෙනවා.
අදාළ video ව පහතින්