දැදුරු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවලට අද (21) ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, එය හෙට (22) මධ්‍යාහ්න 12.00 දක්වා බලපැවැත්වෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ලැබුණු දැඩි වර්ෂාපතනය නිසා දැදුරු ඔය ජලාශයේ දොරටු විවෘත කර ජලය තත්පරයට ඝණ අඩි 5,038ක වේගයකින් මුදා හැරීමට සිදුවෙන බවයි.
ඒ අනුව, ගංවතුර අවදානම් ඇති ප්‍රදේශවල පදිංචි ජනතාව සහ ගංවතුර ආවරණය විය හැකි මාර්ග භාවිතා කරන රියදුරන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව යළිත් අවධාරණය කර තිබෙනවා