දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ හානිය සහ ඒ සඳහා පූර්ව සූදානමක් නොතිබීම පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මඟින් ඉල්ලා සිටින්නේ, අදාළ සූදානම නොමැති වීමට හේතු විමර්ශනය කර ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, අනාගතයේ මෙවැනි ස්වභාවික විපත්වලට මුහුණ දීම සඳහා අවශ්‍ය නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසත්ය.
පසුගිය දා බලපෑ මෙම සුළි කුණාටුවෙන් ජනජීවිතයට මෙන්ම විදුලිබල ඇතුළු යටිතල පහසුකම් පද්ධතියට දැඩි බලපෑම් එල්ල වූ අතර, බලධාරීන්ගේ පූර්ව අනතුරු ඇඟවීම් සහ ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු පැවති බවට විපක්ෂය මෙහිදී චෝදනා කරයි.














