‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් වගාබිම් රැසක් විනාශ වීමත් සමඟ දේශීය වෙළෙඳපොළේ අමු ඉඟුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෝ පවසති. මීට පෙර රුපියල් 300 ත් 500 ත් අතර මිලකට අලෙවි වූ අමු ඉඟුරු කිලෝවක මිල මේ වන විට රුපියල් 1500 ත් 2000 ත් අතර අධික අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.
අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉඟුරු වගාවන් කුණුවීම හා විනාශ වීම නිසා වෙළෙඳපොළට ලැබෙන සැපයුම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව වෙළෙන්දෝ පෙන්වා දෙති. පවතින උග්‍ර හිඟය හමුවේ පාරිභෝගිකයන් මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාරිකයන් ද දැඩි දුෂ්කරතාවට පත්ව ඇති අතර, සැපයුම යථා තත්ත්වයට පත්වීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි කෘෂිකර්ම බලධාරීන් අපේක්ෂා කරයි.














