දිට්වා’ සහන යටතේ ලක්ෂයකට අධික සිසුන්ට උපකරණ දීමනා
‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදුන් සහන ගෙවීම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද දත්තවලට අනුව, පීඩාවට පත් පුද්ගලයන් 4,220,047 දෙනෙකු සඳහා රුපියල් 25,000 බැගින් වූ මූලික සහන ගෙවීම් ලබාදී තිබේ.
මීට අමතරව, මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සඳහා වෙන් කරන ලද රුපියල් 50,000ක ප්‍රදානය ප්‍රතිලාභීන් 100,946 දෙනෙකු වෙත ලබා දීමට පියවර ගෙන ඇත.
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපකරණ මිලදී ගැනීමට ලබාදෙන රුපියල් 15,000ක විශේෂ දීමනාව සිසුන් 136,828 දෙනෙකු වෙත මේ වන විට ගෙවා නිම කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස් සඳහා සහන සැලසීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව තවදුරටත් ක්‍රියාත්මක වන බව රජය අවධාරණය කරයි.














