හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද යන අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා එක් වුණා.
කෙසේ වෙතත් ඔවුන් ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.