• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දින 3ක් කුණාටුවෙන් බලපෑම්

27 November 2024
in දේශීය
දින 3ක් කුණාටුවෙන් බලපෑම්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය අද (27) දිනයේ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය. මෙම ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ද නිකුත් කර තිබේ. පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් 73හි මුළු ජල ධාරිතාව 65%ක් දක්වා ඊයේ (26) දහවල් වන විට වර්ධනය වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ළහිරුණි ජයතිලක මහත්මිය ප්‍රකාශ කළාය. පීඩන අවපාතය ඊයේ (26) පෙරවරු 11.00 පමණ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර 170ක් සහ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 240ක් පමණ දුරින් ගිනිකොණ දිගින් පිහිටා තිබිණි. මෙමඟින් දිවයිනට වූ බලපෑම මෙම 29 දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රධාන ජලාශ 27ක් පමණ මේ වන විට පිට වාන් දමන බවත් ප්‍රකාශ කළ වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ඉංජිනේරු එස්.පී.සී සුගීස්වර මහතා, ඒ නිසා එම ජලාශවල පහළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු බව ද සඳහන් කළේය. ගංගා ද්‍රෝණි ගණනාවකට අයත් පහත්බිම් ප්‍රදේශ ගංවතුර තර්ජනයකට ලක්වී තිබෙන බවත් එය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙම පීඩන අවපාතය දිවයිනේ නැඟෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරණු ඇතැයි බලාපොරොත්තු වේ. ඉන්පසුව මෙය මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයට ගමන් කරණු ඇතැයි බලාපොරොත්තු වන බව ද ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේය. මේ නිසා දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැඟෙනහිර, මධ්‍යම, ඌව, දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය. තද සුළං ද ඇතිවේ. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී. නැවත දැනුම් දෙනතුරු දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මහවැලි ගං ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලක්කමම්, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොටිඨාස සඳහා ද හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හැඩඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ද මුන්දෙනි ආරු ද්‍රෝණියේ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු, කෝරලෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද දැදුරු ඔය ද්‍රෝණියේ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව, රස්නායකපුර ප්‍රාදේහීය ලේකම් කොට්ඨාසයන්හි නිම්නයන්හි ඇති විය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

දිවයිනේ ප්‍රධාන වැව්, ජලාශ ගණනාවක් වාන් දමමින් පවතී. බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පනස් අටක් සඳහා නාය යෑම් පිළිබඳ අවධානය යොමු කිරීමේ දෙවැනි අදියරේ සහ විමසිලිමත් වීමේ පළමු අදියරේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර තිබේ.

ඊයේ (26) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය මි.මි. 311.1 ලෙස අම්පාර ප්‍රදේශයෙන් වාර්තා විය.

Post Views: 21
Previous Post

IMF සිව්වැනි වාරිකය අප්‍රේල් මාසයේදී – කම්කරු ඇමැති

Next Post

කාලගුණේ අවුල් නිසා කටුනායකට පැමිණි ගුවන්යානා 06ක් හරවා යවයි

Editor TTV News

Editor TTV News

Next Post
කාලගුණේ අවුල් නිසා කටුනායකට පැමිණි ගුවන්යානා 06ක් හරවා යවයි

කාලගුණේ අවුල් නිසා කටුනායකට පැමිණි ගුවන්යානා 06ක් හරවා යවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved