සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර
විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ 2026 වසරේ ගතවූ දින 36ක කාලය තුළ පමණක් රුපියල් බිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ අනුව, ඊයේ (05) දින දක්වා හෙරොයින් කිලෝ 212ක්, අයිස් කිලෝ 209ක්, ගංජා කිලෝ 323ක් සහ කොකේන් කිලෝ 04කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය මර්දනයට අමතරව, විදේශගතව සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති රතු වරෙන්තු 103ක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට රජය තීරණය කර ඇත. අදාළ සැකකරුවන් මෙරටට ගෙන්වා ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වසරේදී විශේෂ අවධානයක් යොමු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














