අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ රික්ටර් මාපක 4.0 ක පමණ භූකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එරට භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය පවසා තිබෙන්නේ පොළොව මට්ටමට කිලෝමීටර 5 ක් පමණ ගැඹුරින් මෙය හට ගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් X පණිවුඩයන් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට පවසා ඇත්තේ සන්සුන්ව සහ ආරක්ෂක පියවරයන් අනුගමනය කරන ලෙසටය.