දිවයින පුරා පවතින ශීතල කාලගුණික තත්ත්වය හමුවේ අද (22) දින මෙරට අවම උෂ්ණත්වය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි අද අලුයම එම අගය සෙල්සියස් අංශක 3.5ක් ලෙස සටහන් වූ අතර, මෙය මෑත කාලයේ වාර්තා වූ අවම උෂ්ණත්වය ලෙස සැලකේ.
ප්‍රාදේශීය දත්ත මධ්‍යස්ථාන මගින් ලබාගත් වාර්තාවලට අනුව අද අලුයම දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක උෂ්ණත්වය සටහන් වූයේ මෙලෙසිනි
බණ්ඩාරවෙල සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ල සෙල්සියස් අංශක 15.1ක් සහ කටුගස්තොට සෙල්සියස් අංශක 15.9ක් ලෙසත් උෂ්ණත්වය පහළ ගොස් තිබුණි.
නැගෙනහිර සහ වෙරළබඩ ප්‍රදේශ අද දිනයේ වැඩිම උෂ්ණත්වය මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 25.3කි.
හම්බන්තොට සෙල්සියස් අංශක 22ක් සහ කොළඹ සෙල්සියස් අංශක 22.1ක් ලෙස උෂ්ණත්ව අගයන් වාර්තා වී ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා පහළ ගොස් ඇති බැවින්, විශේෂයෙන්ම කන්ද උඩරට ප්‍රදේශවල පවතින මෙම අධික ශීතල තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.














