දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ. මෙම කාලගුණික පද්ධතියේ සක්‍රීය වීමත් සමඟ එළඹෙන ජනවාරි 08 වැනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වලට මෙම පද්ධතියේ සෘජු බලපෑම එල්ල වනු ඇත.
ඌව පළාතේ මෙන්ම නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර පළාත් මෙන්ම හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් ද, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.














