දිවයින පුරා පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (12) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, ගතවූ දින කිහිපය පුරා පැවති දැඩි වියලි ස්වභාවය හෙට සිට ක්‍රමයෙන් පහව යනු ඇත.
කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතියද, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.














