ඌව පළාතේත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.
ඒ අනුව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්වල්ප වැසි පතිත විය හැකි අතර, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් හෝ රාත්‍රී කාලයේදී ස්ථානීය වශයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
උතුරු, උතුරු-මැද පළාත් සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ හිමිදිරි උදෑසන කාලයේදී ශීතකාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.
දිවයිනේ ඉතිරි ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවධාරණය කර සිටියි.