දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය සහ අනෙකුත් සෑම විෂයක් සඳහා ගුරු පුරප්පාඩු පවතින බවයි.
අනුප්රාප්තිකයන් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට නොහැකිව තිබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
ඒ හේතුවෙන් ගුරුවරු බොහෝ දෙනෙක්ට නවක ගුරුවරු බඳවා ගන්නා තුරු රැඳී සිටීමට සිදු වී තිබෙන බව වාර්තා වේ.