දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේ යන අය හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (18) අභාවප්‍රාප්ත වී තිබුණා.
ඒ වනවිටත් දුනිත් හිටියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩාකරමින්
සිය පියාගේ මරණය සැලවීමත් සමග ම ඔහු අද (19) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා ද පැමිණ සිටි අතර, ඔවුන් ඉතා ඉක්මනින් ගුවන් තොටුපොළෙන් පිටවී ගොස් තිබුණා.
දුනිත්ගේ පියාගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (21) දින පැවැත්වීමට නියමිත බව ද ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශකර තිබෙනවා.
ඒ අනුව හෙට (20) උදෑසන 9.30 යේ සිට දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේදී මහජන ගෞරවය පිණිස ප්‍රදර්ශනය කෙරෙනු ඇතියි.
මේ අතර පවුලේ ඥාතීන් කියා සිටින්නේ, සුරංග වෙල්ලාලගේ බරපතල රෝගී තත්ත්වයකින් පසු නොවූ බවයි.
ඔහු මාස හයකට පමණ වරක් වෛද්‍ය පරීක්ෂාවන්ද සිදුකළ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.