ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට අබේපුස්ස දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය කොච්චිකඩේ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
කැලණිවැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ ධාවනය කළ දුම්රියන් 18ක් පොල්ගහවෙල, රඹුක්කන, කුරුණැගල, ගනේවත්ත, හලාවත සහ පුත්තලම යන දුම්රිය ස්ථානවල සේවයට යොදා ගත නොහැකිවීම හේතුවෙන් නවතා දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් 2025 නොවැම්බර් මාසයට වලංගු මාසික හා ත්‍රෛමාසික වාර ප්‍රවේශ පත්‍ර 2025 දෙසැම්බර් 07 දින දක්වා භාවිත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ට අනුමැතිය ලබාදී තිබෙනවා.
මගීන්ගේ අපහසුතා පිළිබඳ සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සති වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙය වලංගු නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.













