දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ධීවර යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සහ නීතිමය පියවර ගැනීම සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ කලාපීය නාවික ආරක්ෂාව දැඩි කර ඇති පසුබිමක, මෙරට මුහුදු සීමාව හරහා සිදුවන ජාවාරම් මැඩලීමට නාවික හමුදාව මෙලෙස සක්‍රීයව දායක වී තිබේ.













