• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන අතගැසීම් නතර කරමින් ජනතාවට සෑබෑ නිදහස ලබා දෙනවා – ජනපති

4 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවට සෑබෑ නිදහස ඇත්තේ නිතිය නිවැරදිව ක්‍රියාත්මක වීම තුළින් බවත් ඒ අනුව නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට තමාගේ රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසුවේ 72 වන ජාතික නිදහස් උලෙල අමතමින්.

එහිදී ජනාධිපතිවරයා සිදු කල සම්පුර්ණ කතාව පහත පරිදි වේ.

අති පූජනීය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි

සෙසු පූජා ප්‍රසාදීන් වහන්සේලාගෙන් ද අවසරයි

ගරු අග්‍රාමාත්‍යයතුමනි, ගරු කථානායකතුමනි, ගරු අග්‍රවිනිශ්චයකාරතුමනි, ගරු අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි,

ගරු ආණ්ඩුකාරවරුනි, ගරු තානාපතිවරුනි, මහ කොමසාරිස්වරුනි. ජනාධිපති ලේකම්තුමා ප්‍රධාන සියලූම රාජ්‍ය නිලධාරීනි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපතිතුමනි, නාවික හමුදාපතිතුමනි, ගුවන් හමුදාපතිතුමනි, පොලිස්පතිතුමනි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමනි
ආරාධිත අමුත්තනි, රණවිරුවනි, සියලූ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියනි ආදරණීය දූ දරුවනි

ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ, ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙමිනුයි. මෙම නිදහස ලබාගැනීමට සහ තහවුරු කිරීමට ඇප කැප වුනු සියලූ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් නායකයන්ට මගේ ගෞරවය පුද කරනවා.

ශ්‍රී ලංකාව තුල ජීවත්වන සෑම පුරවැසියෙකුටම නිදහස්ව, සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිතීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමවිටම තහවුරු කරනවා. ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට අපි හැමවිටම ගරු කරනවා. තම හිතමිතුරන් තෝරා ගැනීමට මෙන්ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතිය තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධවීමේ අයිතිය අපි හැමවිටම ආරක්ෂා කරනවා. මේ සියල්ලම කිසිවෙකුට අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා.

ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළයුතු ක්ෂෙත්‍ර ගණනාවක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදා හැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවක් තිබිය යුතුයි. සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගතයුතු අතර, පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අප මතක තබා ගත යුතුයි. රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයත් මෙහිදී සුවිශේෂී වෙනවා.

නිදහසින් පසු මේ ජනරජය තුළ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කර ගනු ලැබුවේ සර්වජන ඡන්ද බලයෙන්. එසේ මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනුන වත්මන් රාජ්‍ය නායකයා ලෙස, මගේ ධුර කාලය තුළ රටේ සියලූදෙනාගේම නායකයා ලෙස, රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්.

ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි ක්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වූවාට පසු, ඔහු මේ රටේ සියලූ ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ ධුර කාලය තුල ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ජන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ. එක් ජනකොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලූ ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන් සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති, ආගම්, පක්ෂ හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවයි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපැවැත්ම හා ප්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප්‍රධාන ආයතනය ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා සියලූ පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුභසිද්ධියට මෙන්ම ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි.

මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම හා යුතුකමයි. එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව, එය වර්ධනය කර අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරනවා.

කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණ වලටත් මග පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය, සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි.

මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි යළි විමසා බැලිය යුතුයි. වැරදි කරනා සුළුපිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා විනා, බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අප නොකළ යුතුයි. නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි.

ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා.

ලංකාව පැරණි ඉතිහාසයක් තිබෙන රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ, සියලූ ආගමිකයන්ට, සියලූ ජාතිකයන්ට ක්ෂේම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුලදීද, ඕනෑම අයෙකුට තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස මා තහවුරු කරනවා.

බෞද්ධ දර්ශනය තුළ අපේ රාජ්‍ය පාලකයන්ට හැමවිටම උපදෙස් ලැබුනේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත‍්‍රයක් සඳහායි. මගේ ධුර කාලය තුළත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා.

ජනතාවට සැබෑ නිදහස ලබා දිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමෙනුයි.ඒකීය රාජ්‍යයක් තුළ සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමි විය යුතුයි.

අදත් අපේ ජන සමාජය තුළ විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප්‍රදේශවල ඇති පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවල නැහැ. අධ්‍යාපන පහසුකම් සෑම ප්‍රදේශයකටම සමාන නැහැ. සෞඛ්‍ය පහසුකම් සෑම ප්‍රදේශයකටම සමාන නැහැ. රැකියා අවස්ථා සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වී නැහැ.මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතු මත බල පවත්නා තත්ත්වයන් නොවේ. ඒවා රටේ පොදු ප්‍රශ්නයි. ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේදී අපි මුලින්ම කළයුත්තේ ජනතාවගේ ආර්ථික ගැටළු විසඳා දීමයි. අපි ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලකන්නේ ඒ නිසායි.

තිස් වසරක යුද්ධය මෙන්ම තවත් විවිධ හේතු නිසා අපේ රටේ සංවර්ධන කටයුතු බෙහෙවින් ප්‍රමාද වී තිබෙනවා. අපට තවදුරටත් කාලය අපතේ හරින්නට බැහැ. අපේ රටේ සුවිශේෂී භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත නිසියාකාරව ප්‍රයෝජනයට ගනිමින් ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා හා අනුගතව අපේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නට අපි ක්‍රියා කරනවා.

කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක්. ජනතාවට නිදහසේ උපරිම ප්‍රයෝජන ලබාදීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම බාර ගත යුතුයි.

ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතන ජනතාවට නිදහසක් නැහැ. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ත‍්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ.

රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුළ දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලූ සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී තිබෙනවා.

සිතීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සැමවිටම සූදානම්. මාධ්‍ය වලට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා.

සමාජ මාධ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්, බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප්‍රචාරයන්ට නතු වී, තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ක්ෂණිකවම පෙළඹීමට අවස්ථාව තිබෙනවා.

ඔබේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. හැමවිටම රට ගැන හිතන්න. අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න.
දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මගක යනවා යැයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑමවිටම එය නොබියව පෙන්වා දෙන්න.

අපි නීතියේ ආධිපත්‍යයට හැමවිටම ගරු කළ යුතුයි. ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වන විටයි. නීතිමය කටයුතු වලට දේශපාලන අතගැසීම් කරනා සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවර ගෙන තිබෙනවා.

අප ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සියලූ දෙනාගේම සහාය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණපාන අභියෝගවලට මුහුණ දිය හැකි ක්‍රියාදාමයක්. ඒ තුලින් සෞභාග්‍යමත් දේශයක් ඇති කිරීම අපගේ බලාපොරොත්තුවයි. අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඵෙතිහාසික වගකීම ඉටු කිරීමට අප හා එක්වන මෙන් සියලූ ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

ඔබ සැමට සෞභාග්‍යමත් අනාගතයක් මා ප්‍රාර්ථනා කරනවා !

 

Post Views: 5
Previous Post

අභිමානවත් 72 වන ජාතික නිදහස් දිනය අදයි

Next Post

සම නායක කෙනෙක් නෑ – එකම නායක මහින්ද : නිල මතය GL කියයි !

editor

editor

Next Post

සම නායක කෙනෙක් නෑ - එකම නායක මහින්ද : නිල මතය GL කියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved