පවතින දේශපාලන විකෘතියෙන් රට මුදාගැනීමට සර්වජන බලය හා එක්වන ලෙස එහි නායක, ව්‍යවසායක දිලිත් ජයවීර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහර ආසනයේ අද (03) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙනවා විටෙක 3%ක් පමණක් ඡන්දය ලබපු එන්. පී. පී. එක සහ ජ. වි. පෙ එක. අනෙක් පැත්තෙන් නායකත්වයක් හොයා ගන්න බැරි පක්ෂයක් කියලා කියන්නටත් බැරි මේ ගෑස් සිලින්ඩරය. අනෙක් අතින් දිනන සජිත්, අද පැරදුණ සජිත්. ඊළඟට ඉතුරුවෙලා තියෙනවා පොහොට්ටුවේ නැට්ට. අනිත් අතින් මයික් එක. හිමිකරුවාගේ නම කියන්න බෑ. ඒ පක්ෂයට ආධාර ලැබෙන හැටි කියන්න බෑ.
ඒ නිසා දේශපාලන විකෘතියෙන් මුදාගැනීමට සර්වජන බලය හා එක්වන්න. එඩිතර විපක්ෂය ඔබේ තෝරාගැනීම කරගන්න”.
[aruna]