බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙන ඒම සඳහා අවසර ලබාදී තිබෙන බවට පුවතක් වාර්තා වෙනවා.
ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිනී බී. දිසානායක මහතා සඳහන් කර සිටියේ.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර ඔහු තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා පළ වුණා.
අදාළ ඉල්ලීම සලකා බැලූ
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ඉල්ලීම සලකා බලා නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.