අධිකරණය මගින් සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය නිවසේ සගවාගෙන සිටින බවට පැතිර යන පුවත අසත්‍ය බව හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා පවසා සිටියේ මේ දිනවල සමාජ මාධ්‍යවල තම නම ඈදා ගනිමින් ඇතැමුන් විහිලු සපයමින් සිටින බවයි.
දේශබන්දු තෙන්නකෝන් මහතාව සිය නිවස තුළ සගවාගෙන සිටීමට තරම් තමන් මෝඩයෙකු නොවන බවත් ඔහු පැවසිය.