තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර තමාට ජීවිත තර්ජන ඇති බවට පවසමිනුයි මෙම ඉල්ලීම කර තිබෙන්නේ.
විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ට තර්ජන ඇති බවට පසුගිය දිනවල වාර්තා වුනා.
කෙසේ නමුත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළ තමාට සුදුසු ආරක්ෂාවක් ලබා දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ. දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටි කාලයේ ඔහුට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
කෙසේවෙතත් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සලකාබලන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබේ.