යුරෝපා සංගමයේ (EU) ශ්‍රී ලංකා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපළට යොමු කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබේ.
” Creative Sri Lanka 2030: Matchmaking Pilot Program 2025″ යන මෙම නව්‍ය වැඩසටහන, ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වාදීමට හා දේශීය නිර්මාණකරුවන් සඳහා ගෝලීය අවස්ථා උදාකරදීමයි අරමුණ වී ඇත්තේ.
ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරම් ශිල්පීය දක්ෂතා සම්භාරයක් ඇති රටක් වන නමුත් අපගේ නිර්මාණකරුවන්ට සහ ශිල්පීන්ට ගෝලීය වශයෙන් ඔවුන්ගේ ව්‍යාවසායකත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වෙළඳපොළ ප්රවේශය බොහෝ විට නොමැති අතර මෙම සහයෝගීතාව ඒ සඳහා අවස්ථාවක් වනු ඇති බවත් අත්කම් අපනයනය දෙස බහුවිධ ලෙස බැලීමට දැන් කාලය එළැඹ ඇති බවත් මෙහිදී අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවා.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට ඒකාබද්ධ කිරීම මගින් අපනයන පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ අත්කම් සම්ප්‍රදායන් පුළුල් ගෝලීය වෙළඳපල වෙත හඳුන්වා දීම මෙම වැඩසටහනේ අරමුණයි.
Creative Sri Lanka 2030 යනු නව නිපැයුම්, තිරසාරභාවය සහ ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය පෝෂණය කරමින් රටේ නිර්මාණාත්මක කර්මාන්ත සවිබල ගැන්වීම සඳහා කැප වූ ජාතික වැඩසටහනකි.
දිගුකාලීන වර්ධනය සහ ජාත්‍යන්තර පිළිගැනීම සහතික කරමින් උපායමාර්ගික සහයෝගීතාවන් සහ ධාරිතා වර්ධනය කිරීමේ ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලාංකේය කලාවන්, අත්කම් සහ නිර්මාණකරණය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අරමුණවී තිබෙනවා.