19 September 2024
#දේශීය #පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත බදු අදායමක්

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ මාස 8ක කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1 2229. 2ක බදු ආදායමක් උපයා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එය පසුගිය වසරේ අනුරූප කාලසීමාව හා සසඳා බැලීමේදී සියයට 28.5ක වර්ධනයකි. 2023 වසරේ අනුරූප කාල සීමාවේදී එම දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් බිලියන 956.4ක් විය.

රටේ ආර්ථිකය ක්‍රමයෙන් ප්‍රසාරණය වීම, බදු ප්‍රතිපත්තියේ සිදුවූ සාධනීය වෙනස්කම්, බදු පරිපාලනයේ කාරයක්ෂමතාව හා බදු ගෙවන්නන්ගේ අනුකූලතා වර්ධනය මෙම බදු ආදායම් වර්ධනයට හේතුව බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

[අද]

Leave a comment

Your email address will not be published. Required fields are marked *