2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බදු පද්ධතිය වැඩි දියුණු කිරීම සහ ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණයි.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ද හිමිව ඇත. ඒ අනුව අදාළ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය. මෙම සංශෝධන හරහා මෙරට බදු පද්ධතියේ පවතින ගැටලු නිරාකරණය කරමින් වඩාත් විධිමත් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වේ.













