• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

4 August 2025
in දේශීය, පුවත්
ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

වසර දහයකට අධික කාලයකට පසු මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඉලක්ක කරගත් “ජාතික ධීවර යාත්‍රා සංගණනය – 2025” අද (04) දින පානදුර ධීවර වරායේදී නිල වශයෙන් ආරම්භ විය.

ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එක්ව සංවිධානය කරන මෙම දීපව්‍යාප්ත සංගණනය අගෝස්තු 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ පැවසීය:

“පසුගිය වසර 10ක් පුරා මෙවැනි සංගණනයක් සිදු කර නොමැති වීම නිසා, රටේ සැබෑ ධීවර යාත්‍රා සංඛ්‍යාව, ඒවායේ තත්ත්වය, සහ ධාරිතාව පිළිබඳ නිශ්චිත දත්ත අප සතුව තිබුණේ නැහැ. මෙම තත්ත්වය, ධීවර කර්මාන්තය නවීකරණය කිරීමටත්, ධීවර ප්‍රජාවට අවශ්‍ය සහන සැලසීමටත් විශාල බාධාවක් වුණා. අද අපි මේ ආරම්භ කරන්නේ, සම්පූර්ණයෙන්ම තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ඩිජිටල් සංගණනයක්. මෙහි අරමුණ, අපේ රටේ ධීවර කර්මාන්තය පාරම්පරිකව මාළු අල්ලන පිරිසක් සිටින තැනින් ඔබ්බට ගෙන ගොස්, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ, ජාතික ආර්ථිකයට ඩොලර් උපයන, ගුණාත්මක ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරන නවීන කර්මාන්තයක් බවට පරිවර්තනය කිරීමයි. මෙම සංගණනය හරහා කැඩී ගිය හා භාවිතයෙන් ඉවත් කළ යාත්‍රා හඳුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමෙන්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ අපේ මුහුදු සම්පත ආරක්ෂා කිරීමටත් පියවර ගන්නවා. මෙම ජාතික වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන මෙන් මම සියලුම ධීවර ජනතාවගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා

“ඕනෑම රටක සංවර්ධනයට නිවැරදි දත්ත අත්‍යවශ්‍යයි. අප අමාත්‍යාංශයේ පැවති දත්ත දෝෂ සහිත බව අප හඳුනාගත්තා. ඒ නිසා තමයි, මෙම සංගණනය හරහා නිවැරදි දත්ත පද්ධතියක් (Database) ගොඩනැගීමට අපි තීරණය කළේ. මෙම සංගණනය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකයි. පළමුව, පිටත එන්ජින් සවි කළ යාත්‍රා, දෙවනුව බහුදින යාත්‍රා, සහ තෙවනුව සාම්ප්‍රදායික හා මිරිදිය යාත්‍රා සංගණනය කරනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ඉල්ලීමක් වූ, වෙරළ තීරයේ ඉවත දමා ඇති ෆයිබර්ග්ලාස් යාත්‍රා ප්‍රමාණය හඳුනාගැනීමත්, ඒවා ‘සීනෝර්’ ආයතනය හරහා ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමටත් මෙමගින් හැකිවෙනවා. ඒ වගේම ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන රක්ෂණ ක්‍රමයක් නොමැති වීම විසඳමින්, ‘සයුර’ නමින් නව රක්ෂණ ක්‍රමයක් මෙම මස 14 වනදා අපි හඳුන්වා දෙනවා. ආපදාවකදී මියයන ධීවරයෙකුට ලබාදෙන වන්දිය ලක්ෂ 2 සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමටත් අපේ රජය දැනටමත් කටයුතු කර තිබෙනවා. මේ සියල්ල හරහා අපේ ඉලක්කය වන්නේ, ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි, දත්ත මත පදනම් වූ, තිරසාර ධීවර කර්මාන්තයක් ගොඩනැගීමයි.”

Post Views: 27
Previous Post

දෙළුම් පොත්තේ ඔබ නොදත් ගුණේ

Next Post

2025 අගෝස්තු ඔබට කොහොමද?

Editor TTV News

Editor TTV News

Next Post
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

8 February 2026
අධිකරණයට අපහාස කිරීම නීතිඥ සුසිල් ජයතුංගට වසර 3ක සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීම නීතිඥ සුසිල් ජයතුංගට වසර 3ක සිරදඬුවම්

8 February 2026
හොරක්ගොඩ කන්ද වැනසුවොත් ආරුගම්බේ සංචාරක කර්මාන්තයත් ඉවරයි

හොරක්ගොඩ කන්ද වැනසුවොත් ආරුගම්බේ සංචාරක කර්මාන්තයත් ඉවරයි

8 February 2026
ප්‍රකට නිළියගේ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළද කන්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි:

ප්‍රකට නිළියගේ අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළද කන්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ඇමරිකානු වීසා තෙවන වරටත් ප්‍රතික්ෂේප වෙයි:

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

අයර්ලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

8 February 2026
අධිකරණයට අපහාස කිරීම නීතිඥ සුසිල් ජයතුංගට වසර 3ක සිරදඬුවම්

අධිකරණයට අපහාස කිරීම නීතිඥ සුසිල් ජයතුංගට වසර 3ක සිරදඬුවම්

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved