මාදැල් ධීවර කර්මාන්තයේදී වින්ච් යන්ත්‍ර භාවිතය තහනම් කිරීමට එරෙහිව ධීවරයින් පිරිසක් සිදුකරන උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව පොලිසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (10) ප්‍රතික්ෂේප කළේය. සාමකාමීව උද්ඝෝෂණය කිරීම ජනතාව සතු අයිතියක් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, පොලිසියේ මෝසම ඉවත දැමීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත්, උද්ඝෝෂකයින් විසින් මංමාවත් පනත හෝ පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇති කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පොලිසිය සතු බලතල භාවිත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය. ට්‍රැක්ටර් ආධාරයෙන් සිදුකරන මාදැල් කර්මාන්තයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම ධීවර සත්‍යග්‍රහය අද වන විට අඛණ්ඩව හයවන දිනටත් ක්‍රියාත්මක වේ.














