19 September 2024
#ක්‍රීඩා #පුවත්

නවසීලන්ත ටෙස්ට් තරගාවලියෙදීත් පුහුණුකාරිත්ව වගකීම සනත්ට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පුහුණුකාරිත්වයද හිටපු නායක සනත් ජයසූරිය වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට හා ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය වෙනුවෙන් අතුරු පුහුණුකරු ලෙස සනත්ව පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

එම තරගාවලි දෙකේදීම සුවිශේෂී ජයග්‍රහණයන් වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එ සඳහා සනත් ජයසූරියගේ මග පෙන්වීම ප්‍රභල කරුණක් විය.

[අද]

Leave a comment

Your email address will not be published. Required fields are marked *