රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ හරහා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන රැසක් සැලසීමට රජය අපේක්ෂා කරන අතර, අදාළ සහන පැකේජය පිළිබඳ නිල ප්‍රකාශය අද දිනයේදී සිදු කිරීමට නියමිතය.
සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් සඳහා සහන ලබා දීම මෙම පැකේජයේ ප්‍රමුඛ අරමුණක් වී තිබේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟ මෙහි ක්‍රියාකාරී සැලැස්ම ඉදිරි දිනවලදී ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වේ.













