23 September 2024
#දේශීය #පුවත්

නව ජනපති දිවුරුම් දෙයි!

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේදී නව ජනාධිපතිවරයා මෙසේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද විදෙස් තානාපතිවරු ප්‍රමුඛ ප්‍රභූහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.

1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.

ඉතා චාම් සහ අභිමානවත් අන්දමින් එම උත්සවය පැවැත්විණ,

Leave a comment

Your email address will not be published. Required fields are marked *