• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 7 වැනිදා

3 January 2025
in දේශීය
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 7 වැනිදා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මේ අනුව ජනවාරි 7 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව 10.30  කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ‍ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවාය.

ජනවාරි 8 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.00  කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 4ක්) වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.00 පෙ.ව 10.30 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර තිබේ.

ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විදේශ විනිමය පනත යටතේ නියෝගයක්, ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ රෙගුලාසි, කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ රෙගුලාසි, වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක් සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී ඇත.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

ජනවාරි 9 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 10.30 සිට පෙ.ව 11.30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග සහ සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ නිවේදන විවාදයට ගැනීමට නියමිතව ඇත. අනතුරුව ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ.

ජනවාරි 10 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, එච්.නන්දසේන සහ ටියුඩර් ගුණසේකර යන මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Post Views: 19
Previous Post

ඊ ට්‍රැෆික් යෙදවුමට පැය 24 කදී ට්‍රැෆික් පැමිණිලි 120 ක්

Next Post

2024 දී ලංකාවට සංචාරකයන් 2 053 465ක් ඇවිත්

Editor TTV News

Editor TTV News

Next Post
2024 දී ලංකාවට සංචාරකයන් 2 053 465ක් ඇවිත්

2024 දී ලංකාවට සංචාරකයන් 2 053 465ක් ඇවිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved