මෙවර මහ කන්නයේ (2025/26) නාඩු වී අස්වැන්න අතිරික්ත වීම හේතුවෙන් වෙළෙඳපොළේ වී මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. රජය නාඩු වී කිලෝවක අවම මිල රුපියල් 120ක් ලෙස නියම කළද, දැනට තෙත නාඩු වී කිලෝවක් රුපියල් 85ක් වැනි අඩු මිලකට අලෙවි කිරීමට ගොවීන්ට සිදුව ඇත. නාඩු වී මිල පහළ යාමත් සමඟ නාඩු සහල් කිලෝවක තොග මිල ද රුපියල් 190 දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.














