‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ නායයාම් ප්‍රමාණය 4 800ක් පමණ වන බව සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය ප්‍රකාශ කළේ චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.
දිට්වා සුළි කුණාටුව ඇතිවීමෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප සහ දත්ත භාවිත කර නායයෑම් සිතියම් ගත කිරීමක් සිදුකර තිබෙනවා.
එම සිතියම් විශ්ලේෂණය කිරීමෙන් මාධ්‍ය මඟින් මෙතෙක් වාර්තා කර ඇති නායයෑම් සංඛ්‍යාවට වඩා ඉතා විශාල ප්‍රමාණයක නායයෑම් සිදුවී ඇති බව හඳුනාගෙන ඇති කුමාරි මීගහකොටුව මහත්මිය පවසනවා.
නායයෑමක් විදිහට සුළු පස්කඳු කඩාවැටීම් පවා අපේ චන්ද්‍රකා ඡායාරූපවලින් ලබාගෙන තියෙනවා.
මේ ඔස්සේ වනාන්තර තුල සිදු වූ නායයෑම් පවා ගණනය කර ඇති බවයි වාර්තා වන්නේ.වැඩිම නායයාම් ප්‍රමාණයක් මධ්‍යම කඳුකරය ආශ්‍රිතවසිදුව ඇති බවටද මෙම පර්යේෂණ ඔස්සේ තහවුරු වී තිබෙනවා.
මෙමඟින් සුළු පස් කඳු කඩාවැටීම් පවා ගණනය කර ඇති බවයි සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය ප්‍රකාශ කළේ.














